අති උතුම් ශ්‍රී දළදා වහන්සේගේ මංගල සංස්පර්ශය ලද මනස්කාන්ත ස්වභාව සෞන්දර්යයකින් පෝෂණය වුනු ලංකාපටුන පුදබිම
ඉන්දියාවේ ගුහසීව රජ දවස , ලංකාද්වීපයේ අනුරාධපුරයේ රජකම් කල කිත්සිරි මෙවන් රජදවස ලංකාවාසී බෞද්ධ ජනයාට මල්වැසි වසින දිනයක් උදවිය එය මිහිතලයේ සොඳුරුතම සොබාදහමකට උරුමකම් කියනු ලබන ලක්මෑණියන්ව අමිල ගෞරවයකින් පිදුම් ලද පුජනීය දිනයකි.
බොහෝ බාධක කම්කටෝලු වලට මුහුණ දෙමින් අති මහත් කැපකිරීමක් කරමින් බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වන අති උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩමවා ගනිමින් ලෝකයේ වාසනාවන්තම පින්බිම වන ලක්දිව වෙත එදා දන්ත කුමරුන් සහ හේමමාලා කුමරිය යන දෙදෙනා ඉන්දියාවේ ගංගා නම් නදි මුව දොර පිහිටි කාර්ය බහුල පැරණි වරායක් වූ තාම්රලිප්තියෙන් නැව් නැගී වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපට්ටන (වර්තමාන ඉලංගෙයිතුරෙයි) නම් නැව් තොටට ගොඩ බැස්සාහ. එසේ ලංකාවට එන ගමනේදි දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කීපයක් පෑ බවත් ඒ දැක සාමාන්‍ය ජනයා සහ දෙවි දේවතාවුන් නමස්කාර කළ බවත් වාර්තාවේ.
අති මනස්කාන්ත තුරුලතා, වෙරළ තිරය, හා කඳු ගැට වලින් රමණිය වූ පරිසර පෙදෙසකට උරුමකම් කියන ලංකාපටුන නම් වූ ලංකාද්වීපයේ සවනාවන්ත බිම් පෙදෙසට දළදා වහන්සේ වැඩමකළ නවුකාව සැපත්විය. අනතුරුව වර්තමාන සමුද්‍රගිරි චෛත්‍යය පිහිටා ඇති ඇති ස්ථානය වෙත දළදා වහන්සේ වැඩමවමින් පුද සත්කාර පවත්වන්නට විය
CONTACTS

x
Call
077-2209619
076-0867878

x
0717693477
x

x
lankapatunaviharaya@gmail.com