
බෞද්ධයෙකු වශයෙන් කල හැකි අති උතුම් උත්තරීතර පුණ්‍ය කර්මය වන උතුම් කඨින චීවර පුජාව 2022 වර්ෂය සඳහා භාරකාරීත්වය ගනිමින් දායක වී කටයුතු කල මාලබේ ප්‍රදේශයේ පදිංචි ජි.එස් පී.මෙන්ඩිස් මැතිතුමා සහ එම මහත්මිය නිලන්ති මෙන්ඩිස් යන බෞද්ධ පින්වත් දෙපල මුල් කොටගත් සැදැහැවත් උපාසක උපාසිකාවන් හා මහා සංඝරත්නය පිරිවර කොටගනිමින් අති උත්කර්ෂවත් ලෙස 2022 වර්ෂයේ කඨින පුජා පිංකම සාර්ථකව නිමකරන්නට විය .
එසේම ලංකාපටුන ශ්‍රී සමුද්‍රගිරි දළදා විහාරයෙහි ඉදිකිරීමට යෝජිත රුපියල් ලක්ෂ 214 ක මුදලකට ඇස්තමේන්තු කර ඇති සංඝාවාස ගොඩනැගිල්ල සඳහා ආධාර වශයෙන් රුපියල් ලක්ෂ 25 මුදලක් අප විහාරස්ථානයට ආධාර කරන්නට විය .





