heder image

ඉන්දිය සයුරු තෙර ගල් කුළු වලින් වට

සුන්දර කඳු බිමක හෙබි තුරු වියන් වට

ලංකා පටුන දළදා සෑ             වහන්සේට

වන්දන කරන්නෙමි තුන්සිත පහන් කොට

බෙර හඬ නඟ නඟා සත් සමුදුරෙන් ඇදී

පෙරහැර වගේ එන රළ ගෙඩි ගිගුම් දිදී

වෙරළේ හැපී දළදා සෑ රදුන්               වදී

සැරසී සුසුදු පෙනකැටි සළුපටින්      රිදී

නොබැදුන හතර වට වැට කොටු පවුරු බැමි

නොනගුන මහා මැඳුරු සිරි සැප නොවන නිමි 

නොරැඳුන මසුරු මළ පවු වැසි දියට තෙමි 

නොවඳින දෑත් කීම සෑ රදු වෙතට නැමී 

ආර්.ජී ධර්මදාස